Loading ...

යෝජිත භික්ෂු ගිලන් මධ්‍යස්ථානය

යෝජිත භික්ෂු ගිලන් මධ්‍යස්ථානය

ලෝකවාසී අහිංසක වයෝවුද්ද  භික්ෂූන් වහන්සේලාට භාවනා, ධර්මය ආදි ආධ්‍යාත්මික ධර්මතා පුහුණුකරමින් නිස්කලංකව, නිදහසේ වැඩසිටීම සදහා, ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, බලපිටිය මාදුනදිය අසබඩ ඉතාමත්ම නිස්කලංක, සුන්දර, රමණීය පන්සල් පරිසර භූමිය තුල සියලුම පහසුකම් සහිතව, අවශ්‍ය දාන, බෙහෙත්, සාත්තු සත්කාර, වෙද්‍යප්‍රතිකාර ආදි අවශ්‍යතාද සමග භික්ෂු ගිලන් මද්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සෑදීම පිණිස ඉදිකිරීම් කටයුතු පටන් ගෙන ඇත. මේ සදහා ලෝකවාසී පින්වත් ඔබසැමගේ කාරැණික දායකත්වය (මිය ගිය තම ඤාතීන් අනුස්මරනය කරමින්, උපන්දින සිහිපත්කරමින් මෙම ගොඩනැගිලි ටික සාදා අවසාන කරගැනීමට උදවු උපකාර) ලබාදෙන්නේනම් ගොඩක් පින්.

මෙහි වැඩවසන ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලය දානය පිණිස අවශ්‍ය සියලූම එලවලු, පලතුරැ, හාල්, ආයුර්වේදානුකූල බෙහෙත් හා කැදවර්ග වලට සුදුසු සියලූම ගස්වර්ග මෙම විහාරස්ථාන භූමියේ දීර්ඝකාලීන හා කෙටිකාලීන වශයෙන් වගා කිරීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කොට ඇත.

චැට්කරන්න
1
උදව්වක් අවශ්‍යද ?
සුවසමාධි ආශ්‍රමය
ආයුබෝවන්
අප කෙසේද ඔබට සහය විය යුත්තේ ?