
ස්වභාව සෞන්දර්යාත්මක පරිසරයකින් රමණීය වූ සුන්දර වූ සුවසමාධි ආශ්‍රමය.



සුවසමාධි ආශ්‍රමය
විශාල සංචාරක ආකර්ශනයක් දිනූ දැවෙන සිත් සුවපත් කරන ස්වබාවධර්මයේ අපූරු දායාදයක් වූ බලපිටිය මාදු නදිය අසබඩ පිහිටි සුවසමාධි ආශ්‍රමය.



ආචාර්ය රන්දොඹේ සුනීත හිමි
මෙම ස්වාමින්වහන්සේ ජපානයේ හිරෝශිමා හා ඕතනී විශ්‍යවිද්‍යාලවල බෞද්ධ දර්ශනය පර්‍යේශන කොට සහකාර මහාචාර්යවරයකු ලෙස සේවය කළ, ජපානයේ හිරෝෂිමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, ජපානයේ රියුංජි විහාරස්ථානයෙන් සෙන් බුදුදහම පිළිබඳ පුහුණුව ලැබූ ශාස්ත්‍රපතියෙකි. මෙම ස්වාමීන් වහන්සේ බලපිටිය මාදු ගඟ අසබඩ සුවසමාධි ආරණ්‍යසේනාසනය අරඹා ඒ පළාතේ පෙරපාසල් ආරම්භ කර විශාල ප්‍රජාවකට නිහඬව සේවය කරමින් සිටිති.
අපගේ සේවාවන්
ත්‍රිපිටක පර්යේෂණ ආයතනය
ලබාගත් අධ්‍යාපන දැනුම් හා අත්දැකීම් , පර්යේෂණ ක්‍රම වේද පදනම් කරගෙන , විශේෂයෙන් Hiroshima විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී උපාදිය සදහා මහාපරිනිබ්බාණ සුත්‍රයේ ධම්ම සංකල්පය පිලිබද පර්යේෂනය කොට ලබාගත් පර්යේෂණ ක්‍රමවේදාදි දැනුම් උපයෝගි කොටගෙන ....
යෝජිත භික්ෂු ගිලන් මධ්‍යස්ථානය
ලෝකවාසී අහිංසක වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාට භාවනාව, සද්ධර්මය ප්‍රගුණ කිරීමට, දානය, බෙහෙත්, හෙද සත්කාර, වෛද්‍ය ප්‍රතිකාර වැනි අවශ්‍ය සියලු පහසුකම් සහිතව සාමකාමීව නිදහසේ ජීවත් වීමට. අවශ්‍යතා සමඟ භික්‍ෂුව රෝහලක් ආරම්භ කිරීමට මූලික කටයුතු ....
සුවසමාධි පෙරපාසැල
අප විහාරස්ථානයේ සමාජසේවා සත්කාරකයක් ලෙස ගමේ අහිංසක පුංචි දරැවන් වෙනුවෙන් පෙරපාසලක්ද දැනට වසර 17ක් තිසිසේ පවත්වාගෙන යනු ලැබේ ....
දම්නද පෙරපාසැල
ලංකාවේ විවිධ පලාත්වල ළමයින් පිරිස වෙනුවෙන් නොමිලයේ නූතන භාෂාවන් අධ්‍යනය කිරීම පිණිස, ජපානයේ ....








අපගේ සමාජ සේවා කටයුතු
ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම කාර්යමන්ඩලයට දානය පිණිස අවශ්‍ය සියලූම එලවලු, පලතුරැ, හාල්, ආයුර්වේද්‍යානුකූල බෙහෙත් හා කැදවර්ග වලට සුදුසු සියලූම ගස්වර්ග මෙම විහාරස්ථාන භූමියේ දීර්ඝකාලීන හා කෙටිකාලීන වශයෙන් වගා කිරීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කොට ඇත.










