පරිත්‍යාග
අවශ්‍ය පහසුකම්
යෝජිත භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සදහා
රමණීය පන්සල් පරිසර භූමිය තුල සියලුම පහසුකම් සහිතව, අවශ්‍ය දාන, බෙහෙත්, සාත්තු සත්කාර, වෙද්‍යප්‍රතිකාර ආදි අවශ්‍යතාද සමග භික්ෂු ගිලන් මද්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සෑදීම පිණිස ඉදිකිරීම් කටයුතු පටන් ගෙන ඇත. මේ සදහා ලෝකවාසී පින්වත් ඔබසැමගේ කාරැණික දායකත්වය (මිය ගිය තම ඤාතීන් අනුස්මරනය කරමින්, උපන්දින සිහිපත්කරමින් මෙම ගොඩනැගිලි ටික සාදා අවසාන කරගැනීමට උදවු උපකාර) ලබාදෙන්නේනම් ගොඩක් පින්.
ත්‍රිපිඨක පර්යේෂණ ආයතනයක් ආරම්භ කිරීම සදහා
මෙම අධ්‍යාපන ආයතනය ලංකාවේ බලපිටිය මාදුනදිය අසල සුවසමාදී විහාරස්ථානයේ ආරම්භ කිරීමට ධම්ම ශාලාවක්, පන්ති කාමර සහිත ශාලාවක්, වැසිකිලි පද්දතියක්, කුස්සියක්, පර්‍යේශන කටයුතු කිරීම සදහා පුස්ථකාලයක් භික්ෂූන් වහන්සේලාට නතර වීමට කාමර පේලියක්, දාන ශාලාවක්, අධ්‍යන කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලාට දානය වැලදීමට අවශ්‍ය එලවලු ආදිය වගාකර ගැනීමට ගොවිපලක් අප විහාරස්ථානයේම සකස් කර ගැනීමට, ඊට අදාල ඪෙස්බංකු, වෙනත් අවශ්‍ය උපකරන හා ගුරැවරැන්ට මාසික වේතනයක් ආදි වශයෙන් ලබාදීමට කටයුතු කර දෙන්නේ නම් ගොඩක් පින්සිදු වෙනවා.
සුවසමාධි ආශ්‍රමය සදහා
මෙම සුව සමාධි විහාරස්ථාන පරිසරය තව තවත් ස්වභාව සෞන්දර්යාත්මක වශයෙන් ගස් කොලන්, බෙහෙත් පැලෑටි, මල්වර්ග, පලතුරුවර්ගයනාදි තුරුලතාවලින් හා පස් පියුම් පොකුණු වලින්ද අලංකාරකොට, සියලුම දෙනාටම ආධ්‍යාත්මික සැනසිමකින් නැරඹිය හැකි අයුරින් අලංකාර උද්බිද-උද්‍යානයක්සේ/යෝගී භාවනා ස්ථානයක් සේ ක්‍රමානුකූල විදිමත් පාරිසරික සැලැස්මක් මත, සැකසීමට , පූර්ණ දායකත්වය මගින් මෙම පින්කම් කටයුතු සකස්කරදෙන ලෙසට පින්වත් ඔබසැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබගේ කාරුණික දායකත්වය වෙනුවෙන්:
DFCC VARDANA BANK – BRANCH – AMBALANGODA
SUWASAMADHI DAYAKA SABAWA (SOCIETY)
ACCOUNT NUMBER- 038107008209
SRILANKA
