Loading ...

සුවසමාධි ආරණ්‍ය සේනාසනය
- බලපිටිය මාදු ගඟ අසල -

දකුණු පළාත්,ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල නුරුගල ග්‍රාමයේ පිහිටා ඇති, මෙම සුව සමාධි විහාරස්ථානය, අක්කර 15ක පමණ භුමි ප්‍රදේශයක පිහිටා ඇති, පාරිසරික වැදගත් කමකින් යුත් තෙත් බිම් ගණයට වැටෙන ජෛව විවිධත්වයෙන් අනූන සම්පත් වලින් පෝෂිත, බලපිටිය මාදු ගගට යාබදව පිහිටා ඇති මෙම භුමිය දකුණු හා නිරිත දිග වෙරළ කලාපයට ආවේණික කඩොලාන ශාක ප්‍රජාවන්ගෙන් ගහන අතර මුහුදු බඩ ලවණ තෙත් බිමි ගණයට අයත්ය. එමෙන්ම මෙම පරිසර භූමියේ ඉන්නා විවිධ කුරැල්ලන්ගේ මිහිරි ශබ්ද වලින් මුලු පන්සල් පරිසරයම භාවනාවක් සේය. මේ පින් බිමෙහි පිහිටා ඇති සුවසමාධි විහාරස්ථානය ඉතාමත් පෞරාණික විහාරස්නානයකි.

මෙම විහාරස්ථාන භුමියේ  කදුයායේ ඇති විශාල කලුගල් පිහිටා ඇති ආකාරය පුදුම සහගතය.චමත්කාර ජනකය.එම කලුගල්මත ස්වභාවිකවම වැවී ඇති මහා රැක්ෂ ගස්,විවිධ බෙහෙත් පැලැටි ගස්වර්ග නිසා එම පරිසරයට ස්වභාවික ආලෝකයක් ස්වභාවිකවම ලැබි ඇත. එම පලාත්වාසි ජනතාව එම කදුයාය හදුන්වන්නේ බෙහෙත් කන්ද වශයෙනි. 2005 වසර ඇති වූ සුනාමි ඛේදවාචකයේදි, ගාලුදිස්ත්‍රික්කයේ, කොස්ගොඩ, බලපිටිය,අහුන්ගල්ල,රන්දොඹේ, යනාදි පලාත්වල පිරිස පවා තම ආරක්ෂාව පිණිස පැමින සතිගනන් නතරවීසිටියේ මෙම කදු මුදුනේය. එම නිසා  මෙම විහාරස්ථානය හදිසි ආපදා ආරක්ෂක ස්ථානයක් වශයෙන් පවා රජෙයන් නම්කර තිබේ.

අප විහාරස්ථානයේ සමාජසේවා සත්කාරයක් ලෙස ගමේ අහිංසක පුංචි දරැවන් වෙනුවෙන් පෙරපාසලක්ද දැනට වසර 17ක් තිස්සේ පවත්වාගෙන යනු ලැබේ.

දකුණු පළාතේ බලපිටිය මාදුනදිය අසබඩ පිහිටා ඇති අප විහාරස්ථානය කදුයායෙන්, වෙල්යායෙන් හා තුරුලතාවලින්, කලුගල් පර්වතවලින් හා ස්වභාව සෞන්දර්‍යාත්මක පරිසරයකින් ලස්සනවුත්, දැකුම්කලුවූත් දර්ශනීය ස්ථානයකි.  බලපිටිය මාදු නදියේ සංචාරය කරනු ලබන දේශීය හා විදේශීය  සංචාරක පිරිස්ද දිනපතා අප විහාරස්ථානයේ ස්වභාවික පාරිසරික සුන්දරත්වය නැරඹීමට පැමිණෙති. 

පින්වත් පිරිසගේ පින්බර දායකත්වය මෙම සුව සමාධි  විහාරස්ථාන පරිසරය තව තවත් ස්වභාව සෞන්දර්‍යාත්මක වශයෙන් ගස් කොලන්, බෙහෙත් පැලෑටි, මල්වර්ග, පලතුරුවර්ග යනාදි තුරුලතාවලින් හා  පස් පියුම් පොකුණු වලින්ද අලංකාරකොට, සියලුම දෙනාටම ආධ්‍යාත්මික සැනසිමකින් නැරඹිය හැකි අයුරින් අලංකාර උද්බිද-උද්‍යානයක්සේ /යෝගී භාවනා ස්ථානයක් සේ ක්‍රමානුකූල විදිමත් පාරිසරික සැලැස්මක් මත, සැකසීමට , පූර්ණ දායකත්වය මගින් මෙම පින්කම් කටයුතු සකස්කරදෙන ලෙසට පින්වත්  ඔබසැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

බලපිටිය, මාදුනදිය අසබඩ පිහිටා ඇති මෙම විහාරස්ථානයට  ඔබසැම සම්ප්‍රාප්ත වී මෙම විහාරස්ථානයේ ඇති පාරිසරික සුන්දරත්වය නරඹන ලෙසටද මතක් කරමි.

චැට්කරන්න
1
උදව්වක් අවශ්‍යද ?
සුවසමාධි ආශ්‍රමය
ආයුබෝවන්
අප කෙසේද ඔබට සහය විය යුත්තේ ?