Loading ...

සුවසමාධි ආශ්‍රමය
心ケアセンタ- ජපානය

ජපානයේ Kyushu, පලාතේ  Kumamoto ,දිස්ත්‍රික්කයේ Uto නගරයේ පිහිටා ඇති ශ්‍රීලාංකික ථේරවාදී., සුවසමාධි ආරණ්‍ය සේනාසනය ඉතාමත්ම සුන්දර, රමණීය පරිසරයක පිහිටා ඇති අතර, මෙම සිතනිවනා පන්සල වටා පිහිටා ඇත්තේ රජය සතු අක්කර 200 ක පමණ විශාල රක්ෂිත භූමියකය. මෙම වනාන්තරය ඇතුලත ගමනා ගමනය සදහා මං මාවත්ද ඉදිකොට රමණිය උද්‍යානද ඇත. 

එසේම ජපන් ජාතික පිරිස් දිනපතා මෙම රක්ෂිතයේ කායික හා මානසික ව්‍යායාම් වල යෙදෙමින්, නිතරම ඇවිදිති.  මෙම පිරිසට ථේරවාදි භාවනා ආදි ආගමික පිලිවෙත් පුහුණු කිරීම් කටයුතු පවා කියාදී, මෙම පිරිසගේ මානසික හා කායික ආද්‍යාත්මික සුවය ඇති කිරිම සදහා වැඩසටහන් රන්දොඹේ සුනීත ස්වාමින් වහන්සේ විසින් මෙම ස්ථානයෙන් සිදුකරනු ලැබේ.

මෙම ස්ථානයේ සොහොන් වීශාල වශයෙන් ඇති අතර, මෙම  සොහොන් වන්දනා කිරීමටද මෙම සොහොන් අයත් පවුල් වල සාමාජික පිරිස් දිනපතා මෙම ස්ථානයට පැමිණෙති. විශේෂයෙන්,  වසරකට වතාවක් ජපානයේ මලවුන් සිහිකරන, මෙදින රජයේ නිවාඩු දිනයක් වශයෙන් පවතින (obon)ඔබොන් නමින් පවත්වන ආගමික උත්සවයක්දි අගෝස්තු 13 සිට 16 දිනයට යෙදී ඇති අතර මෙදිනට මෙම ස්ථානයට වීශාල පිරිසක් සම්බන්ද වී ආගමික වතාවත් වල නියලනු ලැබේ.

මෙම ස්ථානයේ පොලන්නරැ ගල් විහාරයේ අනුරැවට සමානව කලු ගල් වලින් නෙලා ඇති වීශාල මහා පරිනිර්වාණ  ප්‍රතිමානමක් හා සිටගෙන වැඩසිටින වීශාල බුද්ධප්‍රතිමා වහන්සේ නමක් මෙම ස්ථානයේ ඉදි කොට ඇත.

මෙම ආයතනය, පන්සලක්, වශයෙන් පවතින අතර විශාල සමාජ සේවාවක් වශයෙන් විවිධ හේතු මත මානසික වශයෙන් අසරණ වී ඇති, ජපන් ජාතික පිරිස් ථේරවාදි බෙද්ධ පිලිවෙලට අනුව පුනරැත්තාපනය කරන සමාජ සේවා ආයතනයක්ද Hideaki Mizuno මහතාගේ දායකත්වයෙන් හා රජයේ උපකාර ඇතිව මෙම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ.

ඉගැන්වීම්

Play Video

භාවනා අභ්‍යාසයක්

Play Video

අපගැන තවත්

ආචාර්ය රන්දොඹේ සුනීත හිමි

+8170-3773-1968

(japan)

070-3773-1968

චැට්කරන්න
1
උදව්වක් අවශ්‍යද ?
සුවසමාධි ආශ්‍රමය
ආයුබෝවන්
අප කෙසේද ඔබට සහය විය යුත්තේ ?