Loading ...

අප ගැන

සුවසමාධි ආශ්‍රමය
(ආරණ්‍ය සේනාසනය- විහාරස්ථානය)

දකුණු පළාත්,ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල නුරුගල ග්‍රාමයේ පිහිටා ඇති, මෙම සුව සමාධි විහාරස්ථානය, අක්කර 15ක පමණ භුමි ප්‍රදේශයක පිහිටා ඇති, පාරිසරික වැදගත් කමකින් යුත් තෙත් බිම් ගණයට වැටෙන ජෛව විවිධත්වයෙන් අනූන සම්පත් වලින් පෝෂිත, බලපිටිය මාදු ගගට යාබදව පිහිටා ඇති මෙම භුමිය දකුණු හා නිරිත දිග වෙරළ කලාපයට ආවේණික කඩොලාන ශාක ප්‍රජාවන්ගෙන් ගහන අතර මුහුදු බඩ ලවණ තෙත් බිමි ගණයට අයත්ය. එමෙන්ම මෙම පරිසර භූමියේ ඉන්නා විවිධ කුරැල්ලන්ගේ මිහිරි ශබ්ද වලින් මුලු පන්සල් පරිසරයම භාවනාවක් සේය. මේ පින් බිමෙහි පිහිටා ඇති සුවසමාධි විහාරස්ථානය ඉතාමත් පෞරාණික විහාරස්නානයකි.

මෙම විහාරස්ථාන භුමියේ  කදුයායේ ඇති විශාල කලුගල් පිහිටා ඇති ආකාරය පුදුම සහගතය.චමත්කාර ජනකය.එම කලුගල්මත ස්වභාවිකවම වැවී ඇති මහා රැක්ෂ ගස්,විවිධ බෙහෙත් පැලැටි ගස්වර්ග නිසා එම පරිසරයට ස්වභාවික ආලෝකයක් ස්වභාවිකවම ලැබි ඇත. එම පලාත්වාසි ජනතාව එම කදුයාය හදුන්වන්නේ බෙහෙත් කන්ද වශයෙනි. 2005 වර්ෂයේ ඇති වූ සුමාත්‍රා සුනාමි ඛේදවාචකයේදි, ගාලුදිස්ත්‍රික්කයේ, කොස්ගොඩ, බලපිටිය,අහුන්ගල්ල,රන්දොඹේ, යනාදි පලාත්වල පිරිස පවා තම ආරක්ෂාව පිණිස පැමින සතිගනන් නතරවීසිටියේ මෙම කදු මුදුනේය. එම නිසා  මෙම විහාරස්ථානය හදිසි ආපදා ආරක්ෂක ස්ථානයක් වශයෙන් පවා රජෙයන් නම්කර තිබේ.

සුවසමාදි ආශ්‍රමය
心ケアセンタ - ජපානය

සුවසමාදි ආශ්‍රමය
スリランカ - ශ්‍රීලංකාව

චැට්කරන්න
1
උදව්වක් අවශ්‍යද ?
සුවසමාධි ආශ්‍රමය
ආයුබෝවන්
අප කෙසේද ඔබට සහය විය යුත්තේ ?